පාඩම් සටහන් සැකසීමෙන් ගුරුවරයාට ඇති ප්‍රයෝජන

👉 පන්ති කාමරය තුළ ගුරුවරයාගේ කාර්යභාරය පැහැදිලි කිරීම👈

පන්ති කාමරය යනු පාසල් සංස්කෘතිය තුළ හමුවන ඉගැන්වීමේ මූලික කේන්ද්‍රස්ථානයයි. සිසුන්ගේ පාසල් ජීවිතයටත්, සමාජ සංවර්ධනයටත්, පෞරුෂ සංවර්ධනයටත්, මාර්ගෝපදේශනය සැපයීම උදෙසා පන්ති කාමර ඉටුකරන සේවාව ඉතාමත් වැදගත් වූවකි. එම නිසා මෙහි මූලික වගකීම බාර වනු ලබන්නේ පන්ති කාමරයක ප්‍රධාන නියමුවන් වන ගුරුවරයාටයි. එම නිසාම පන්ති කාමරය තුළ ගුරුවරයා ගුරු සිසු අන්තර් සම්බන්ධතාවය උවමනාව ශක්තිමත්ව පවත්වා ගත යුතුය. වත්මන් ගුරුවරයා පන්ති කාමරයේ නම් කළමනාකරණය ඒකකයේ සැලසුම්කරුවා විධායකයා සංවිධායකයා මෙහෙයවන්නා හා පාලකයා ලෙස කටයුතු කරයි. එම නිසා එම වගකීම මනාව නිසියාකාරව ඉටු කිරීම ගුරුවරයකු සතුවන ලබන ප්‍රධාන කාර්යය බව අමතක නොකළ යුතුය.  ගුරුවරයාට පන්ති කාමරය තුළින් පැමිණෙන අභියෝග භෞතික බාධා ආදිය මැඩගනිමින් සුහුරු පන්ති කාමරයක යහපත් ශිෂ්‍ය ආකල්ප ප්‍රගතිශීලී ඉගැන්වීමේ ක්‍රම සංස්කෘතික දියුණුව ආදී වූ කරුණු සාක්ෂාත් කර ගනිමින් යහපත් වූ අධ්‍යාපනිත්‍යයකු බිහි කිරීමේ ශිෂ්‍ය දිවියේ අඳුරු පලවා හරිමින් ආලෝකය ළගා කරවීම ගුරුවරයාගේ බලාපොරොත්තු වනු ලබන ප්‍රධාන කාර්යභාවත් පැහැදිලිව හඳුනාගත හැකි.

💬පාඩම් සටහනක් යනු කුමක්දැයි හැඳින්වීම

පාඩම් සටහනක් යනු කිසියම් විෂයකට හෝ මාතෘකාවකට අදාළ තොරතුරු සංකල්පය හෝ අදහසට සංක්ෂිප්ත ලිඛිත සාරාංශයකි. මෙම සටහන් ගුරුවරුන් විසින් නිර්මාණය කරනු ලබන්නේ ශිෂ්‍යාට තමා අරමුණු කරන අධ්‍යයන කරුණු වඩාත් යහපත් ලෙස විෂයට ඒ ගුරුවරයාට ඒ පාසලට අනුව පාඩම් සටහන් සැපයීම වෙනස් විය හැකිය. ඒ කුමනාකෘතියකටද මේ නිර්මාණ කළද මෙමගින් අපේක්ෂා කරනු ලබන්නේ කාලය කළමනාකරණය කරමින් ශිෂ්‍ය දක්ෂතා මතු කරමින් තමා අපේක්ෂා කළ විෂය නිර්දේශය වඩාත් අර්ථවත් හා ඵලදායි අයුරින් ඉතාමත් සාර්ථක පාඩමක් ඉගැන්වීමයි. මෙන්ම ගුරුවරයා විසින් පාඩම් සටහන් සැලසුම් කිරීමේදී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය ලබාගත යුතුය.

💬පාඩම් සටහන් සැකසීම තුළින් ගුරුවරයාට ඇති ප්‍රයෝජන

ගුරුවරයා යනු යහපත් වූ අධ්‍යාපනඥයෙකු නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව නිවැරදිව ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් පන්ති කාමරයේ කළමනාකරණය කරන්නකි. එම නිසා එවැනි වූ සමාජ වැදගත් කාර්යා ප්‍රමාණයක් ඉටු කරනු ලබන චරිතයකට ඒකකය ඉගැන්වීමේ රටාවක් පැවතීම ඉතාමත් වැදගත් වනු ලබන දෙයකි. එම නිසා එම අරමුණු කරා ළගා වීමට නම් ගුරුවරයා පාඩම් සැලැස්මක් නිර්මාණය කර ගනිමින් පන්තිය කරා යෑම ඉතාමත් අගනා ක්‍රියාවලියකි. එමගින් ගුරුවරයාට තම වෘත්තීය තුළ ලැබෙන්නා වූ ප්‍රයෝජනයන් පහත කරුණු විග්‍රහ කළ හැකිය.

01. සකස් කරගත් පාඩම් සැලසුම් තමාට ආවේණික එකක් වීම.

ගුරුවරයා සකස් කර ගනු ලබන්නා වූ පාඩම් සටහනක් ගුරුවරයාටම ආවේණිගෙ එකක් විය යුතුය. එය තව කෙනෙකුගේ හෝ ඇපයෙන් මිදීමට හෝ නිර්මාණය කළ එකක් නොවිය යුතුය. පාඩම් සටහනක් නිර්මාණය කරනු ලබන්නේ සෑම විටම ශිෂ්‍යයා සහ තමන්ගේ පහසුව පිණිස ගුරුවරයා නිර්මාණය කරනු ලබන පාඩම් සටහන ගුරුවරයාටම ආවේණික් එකක් විය හැකි පාඩම් සටහන් ලිවීමේදී ගුරුවරයා තමාටම ආවේනික ක්‍රමය හඳුනාගත යුතුය. ඒ දෛනික සටහනක්ද, ඒකක සඳහා සටහනක්ද යන්න ගුරුවරයා අවබෝධ කරගත යුතුයි.  එමෙන්ම පැහැදිලිව නිර්මාණය කිරීම ගුරුවරයා සතු වගකීමකි. එමෙන්ම නවතම කරුණු එකතු කිරීම ආදී සටහන් මිශ්‍ර කරමින් පාඩම් සැලසුම් සටහන් කිරීම උචිත කරුණකින් මේ අයුරින් පාඩම් සටහනක් යනු කුමක්ද හඳුනාගත හැකිය.

02. පාඩමට පෙර සිටම සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම.

ගුරුවරයා පන්ති කාමරයට යෑමට පෙර අදාළ ශ්‍රේණියට අනුව පාඩම් සටහන් පෙර තියා සැලසුම් කිරීම තුළින් ගුරුවරයාට යෙදින තුළ තමා තම අතිශයාට ඉගැන්විය යුත්තේ කුමක් ද යන්න පිළිබඳව පෙර සිටම සංවිධානාත්මක භාවයක් ලබා කර ගැනීමට හැකිය. එවිට තමා කොපමණ කාලයක් පන්තියේ රැඳී සිටිනවාද පාඩම ඇසුරින් දරුවාගේ ආවේදන මනෝචාලක ආදී කුසලතාවන් වර්ධනයට කුමන ආකාරයකින් ළඟා විය යුතුද යන්න පිළිබඳව ශිෂ්‍යයාටද අපහසුවකින් තොරව පාඩම අවබෝධ කර ගැනීමට හැකියාව උදාවනු ඇත. පාඩම් සටහනක් නොමැතිව ශිෂ්‍යයා හට කරුණු අවබෝධ කිරීමට යෑමේදී ශිෂ්‍යයාට පාඩම අවබෝධ කර ගැනීමට වෙහෙස කරවනවා සේම ගුරුවරයාට සංවිධානාත්මක අයුරින් පාඩම පිළිබඳ තමාට අවබෝධයක් නොමැති හෙයින් අපහසුතාවයට පත්වීමට ඉඩ ඇත. එම නිසා මෙම ගුරුවරයාට පාඩම් සටහන් තුළින් මනාව පිළිවෙලකට ළමයාට පැහැදිලි වන අයුරින් පාඩම් ලගා කර ගැනීමට හැකිවනු ඇත. එය ගුරුවරයාට පාඩම් සටහන් තැබීම තුළින් අත්වනු ලබන්නාවූ ප්‍රයෝජනයකි.

03. අනාගත පාඩම් සඳහාද පාඩම් සටහන් භාවිතා කළ හැකි නිසා කාලය සහ ශ්‍රමය ඉතිරි කර ගැනීමට හැකි විය.

යම් යම් ශ්‍රේණි වලය පාඩම් යම් යම් අවස්ථාවල සමානකම් සහ එකම දේ පවතින අවස්ථා විෂය නිර්දේශය තුළින් දැකගත හැකිය. එකම දේ නැවත නැවත කියා දෙන්නේ ශිෂ්‍යාව අපහසුතාවයට පත් නොකරමින් තමා තමාටද නැවුම් දෙයක් ශිෂ්‍යයාට ලඟා කර කර ගුරුවරයාට තැබූ පෙර පාඩම් සටහන ඒ අවස්ථාවලට අනුව බෙහෙවින් උපවාදී විය හැකිය. එවැනි අවස්ථාවල ගුරුවරයාට අලුත් කරුණක් ශිෂ්‍යයාට ළඟා කරවමින් ශිෂ්‍යයන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට උපකාර කළ හැකිය. එම නිසා තමා තැබූ පාඩම් සටහන්වල දිනය වේලාව පාඩම ආදී තොරතුරු තිබෙන බැවින් පළාදායි අයුරින් පාඩම පැහැදිලි කිරීමට ගුරුවරයාට හැකිවනු ඇත. එමෙන්ම මෙමගින් කාලය ශ්‍රමය දිත්වයෙන් ඉතිරි වන බැවින් වෙනස් අධ්‍යයනයක් කරා ශිෂ්‍යා ලඟා කරවීමට ගුරුවරයාට හැකිවනු ඇත. එමෙන්ම සමාන මාතෘකාවක් මත නව පාඩම් නිර්මාණය කරමින් තමාගේ ශිෂ්‍යාගෙත් දැනුම වර්ධනය කරමින් ක්‍රියා කළ හැකි නිසා ශිෂ්‍යාධිතාමත් පැහැදිලිව යුතුව ඉගෙනීමට ආශාවක් ඇති කරනු ලබා එබැවින් පාඩම් සටහන් තැබීම ගුරුවරයා ගුරුවරයාට සමකාලීන වූ අවශ්‍යතාවක් මෙන්ම ප්‍රයෝජනයක් බව මෙයින් වඩාත් තහවුරු කරගත හැකියි.

04. ගුරුවරයන් නිර්මාණය කළ පාඩම සටහන් පුද්ගලයන් සමඟ සන්නිවේදනය කර ගැනීමට හැකිවීම

යම් ගුරුවරයෙකු පාඩම් සටහන් සකසනු ලබන්නේ හුදෙක්ම ශිෂ්‍යාව වෙත පෝෂණ ගුණයෙන් යුතු අධ්‍යාපනයක් ලබා කරවීමේ අරමුණ ඇතිව එම නිසාම ගුරුවරයාගේ ගුරුවරයාට පාඩම් සටහන් ලබන්නා වූ අරමුණු  විවිධ ස්වරූප පාඩම් සටහන් සහගත ඉගැන්වීම් රටාවක් නිර්මාණය කර ගත හැකිය. තමා සැකසූ පාඩම් සටහන් ක්ෂේත්‍රයේ අධ්‍යාපනඥයින්ට ලබාදීම තුළින් එම පාඩම් සටහන්වල අඩුපාඩු මෙන්ම තමා ළඟා කරගත යුතු කුසලතා පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. මේ සෑම කරුණක්ම සිදුවූයේ ගුරුවරයා තම ශිෂ්‍යයාට ළඟා කරන්නා වූ පාඩම් කරුණු පිළිබඳ පාඩම් සටහන් තැබීම තුළිනි. එම නිසාම ගුරුවරයා නිරන්තරයෙන් තම දැනුම යාවත්කාලීන කර ගැනීමට නම් ඒවා එකිනෙකා අතර හුවමාරු කර ගනිමින් නව කරුණු ළඟා කර ගත යුතුය. එබැවින් පාඩම් සටහන් තැබීම ගුරුවරයාට මහත් වූ ප්‍රයෝජනයක් ගෙනදෙනු ලබන කරුණක් බව මේ වඩාත් පැහැදිලිව අවබෝධ කරගත හැකිය.

05. පාඩම් සටහන් නීතිමය හා පරිපාලන අරමුණ ගොඩනැංවීම සඳහා උපකාරී වනු ලබයි.

ගුරුවරයාට පාඩම් සටහන් තැබීමේ දී තමාට අවශ්‍ය ආකාරයට ඇපයෙන් බේරීමට වැනි කාරණා මතය කළ නොහැකි කරුණකි. ඕනෑම රාජ්‍ය ආයතනයක් තුළ පිළිපැදිය යුතු යම් නීති මාලාවක් රේගුලාසි පද්ධතියක් තුළ කරවීමේදී අධ්‍යාපන ආයතනිවලින් ලබා දී ඇති ක්‍රමෝපායම් භාවිත කිරීම අනිවාර්ය කරුණක එබැවින් ගුරුවරයාට තමා ශිෂ්‍යයන්ට නිවැරදි ආකාරයට පාඩම් කරුණු ළඟා කිරීම සිදුකළා යන්න පෙන්වීමට ඇති කදිම නීතිමය ලියවිල්ලක් ලෙස පාඩම් සටහන් පෙන්වා දිය හැකිය. එම නිසා ගුරුවරයකු යම් පාඩම් සටහනක් පාඩම් සටහනට අනුව ශිෂ්‍යයාට අධ්‍යාපනය ගුරුවරයාගේ වගකීමක් ද වේ. එබැවින් ඉතා වටිනා නීතිමය ලියවිල්ලක් වශයෙන් පාඩම් සටහන් ගුරුවරයාට ප්‍රයෝජනවත් බව මෙමගින් පැහැදිලි කළ හැකිය.

06. වෘත්තීය නිපුණතාව වැඩිදියුණු කර ගැනීමට

පාඩම් සටහන් සැකසීම තුළින් ගුරුවරයාට සිය වෘත්තීය නිපුණතාව නිපුණතාව ද ඔප්නංවා ගැනීමට හැකි වනු ඇත. යම් වෘත්තීයක නිරත වන්නෙකු විසින් තම වෘත්තීය කුසලතාවයකින් යුතුව පවත්වාගෙන යෑම ඉතාමත් වැදගත් වූ කරුණකි. එම නිසාද ගුරුවරයාද තම වෘත්තීය යම් නිපුණතාවයකින් යුතුව වැඩිදියුණු කර ගැනීමට ඉතාමත් වටිනා කරුණකි. එබැවින් ගුරුවරයා තමා ඉගැන්වීම සිදුකරනා විට පාඩම් සැකසුන් සැකසීම සිදුකිරීමක් කරනවා නම් ගුරුවරයාගේ වෘත්තිය නිපුණතාවය කාලීනව වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි ගුරුවරයාට බොහෝ අවස්ථාවල කාලීන වටිනාකම හේතුව ප්‍රයෝජනවත් වනු ඇත. ගුරුවරයා ඒ ඒ ශ්‍රේණිවලට අදාලව සකසා ඇති පාඩම් සටහන් ගුරුවරයාගේ වෘත්තීය නිපුණතාව උරගා බැලීමට ගනු ලබන්නා වූ ප්‍රධාන්තම සාක්ෂිය වනු ඇත. එම නිසාම ගුරුවරයාද තමා සටන් කරගන්න ලැබෙන පාඩම් සටහන් නිවැරදිව සටහන් කිරීම වගකීමක් ඇති ක්‍රියාවක් බව අමතක නොකළ යුතුය. මේ අනුව  ඉහත සඳහන් කරුණු මගින් පැහැදෙනු ලබන්නේ පාඩම් සටහන් තැබීම ගුරුවරයා සිය වෘත්තිය නිපනත්වය වැඩි දියුණු කර ගැනීමට ප්‍රයෝජනවත් වන බවයි.

07. ගුරුවරයාට වගකීමකින් යුතුව තම දැනුම වර්ධනය කර ගැනීමට හැකිවීම

ගුරුවරයා යනු තම රාජකාරිය වගකීමකින් යුතු ඉටු කළ යුතු පුද්ගලයෙකි. එම නිසා ගුරුවරයා තමා සතුව ඇති දැනුම වර්ධනය කරගත යුතුය. වසනින් වසර පැමිණෙන නවක සිසුන්ට අලුත් ද දෑ සැපයීම ගුරුවරයා සතු වගකීම වගකීමෙන් ගුරුවරයාට තමා ලබා ඇති පරණ පාඩම් සටහන් අධ්‍යයනය කරමින් තම දැනුම අලුත් කරගනිමින් ක්‍රමය තමා සතු ඇති දැනුමද වර්ධනය කර ගනිමින් ශිෂ්‍යයාට නැවුම් වූ අධ්‍යාපනයක් ලබා කරවා ගැනීමට මෙම පාඩම් සටහන උපකාරී වනු ඇතී නිසාම එම පාඩම් සටහන ශිෂ්‍යයාට මෙන්ම ගුරුවරයාගේ ඉගෙනීම සඳහා මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත. ඒ ගුරුවරයා ශිෂ්‍යය අපිට වඩාත් සමීප කරවාලීමටද වැදගත් වෙන්න ලබයි බැවින් තමා සතු වූ දැනුම වර්ධනය කර ගැනීමටද ගුරුවරයාට පාඩම් සටහන් තැබීම ඉතාමත් ප්‍රයෝජනවත් ක්‍රියාවක් බව මෙමගින් පෙන්වා දිය හැකිය. තමා පාඩමට පිවිසෙන ආකාරය පාඩම් අදියර කිහිපයකින්  පවතින්නේ ද සහ ඉගෙනුම් ආධාරකයක වශයෙන් පාඩම් සඳහන් යොදාගත හැකි ගුරුවරයාට පාඩමට පිවිසීමටද ශිෂ්‍යයාට නොදැනෙන ආකාරයට එය සිදු කළ හැකිදෙ සිදුකිරීමට නියමිත පාඩමේ මාතෘකාව නොකියා ශිෂ්‍යා ට ඒ පිළිබඳ සිතන්නට යමක් ලබා දෙමින් පාඩම් පිවිසීමට ගුරුවරයාට හැකිය.

එය අනුව ගුරුවරයාට තමා තබන පාඩම් සටහන් කුමන ආකාරයකට ගුරුවරයාට ප්‍රයෝජනවත් වන දේ අධ්‍යයන් නියත කරුණු වනු ඉතාමත් පැහැදිලි ලෙස පෙන්වා දිය හැකියි.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ ජාතික පොදු අරමුණු හා පාසල් අධ්‍යාපනික ක්‍රියාවලිය ගොඩනැගී ඇති ආකාරය

අධ්‍යාපනය හැදෑරීමේදී සංසන්දනය කිරීමේ අවශ්‍යතාවය