අධ්‍යාපන දර්ශන විෂය හැදෑරීමෙන් ගුරුවරයෙකුට ඇති ප්‍රයෝජන
👉 අධ්‍යාපන විෂය හැදෑරීමේ ගුරුවරයෙකුට ඇති ප්‍රයෝජන👈
☝ආධ්‍යාපන දර්ශනය
අධ්‍යාපනය යන සංකල්පය සියල්ල පුරාවට පරිණාමයේ පවතී එන්නකි. එය කාලෙන් කාලෙට හා සංස්කෘතියෙන් සංස්කෘතියට රටින් රටින් පැවත එන බව පෙනේ. ඒව හටගන්නා සමාජීය කාලීන විවිධත්වය පදනම් කරගෙන අධ්‍යාපනයද කලින් කලට විවිධ ස්වරූප ගත් බව පෙනේ. ඒ සංස්කෘතියෙන් හි හර පද්ධතියෙන් සහ සාම්ප්‍රදායික දැනුම ඉදිරි පරපුරට දායාද කිරීම මෙම අධ්‍යාපනය නිසා සිදුවූ බව පෙනේ. වෙනස් වන ලෝකයේ අධ්‍යාපනයද වේගයෙන්ම පරිණාමයට පත් වේ. එඩියුකයා(educare) ලතින් වචනයෙන් බිදී ආ මෙම එඩියුකේෂන් (අධ්‍යාපනය ) හි නිරුක්ති අර්ථයෙන් ඉවත් වීම හේතුවෙන් පිටතට පැමිණ කිරි දීමයි . අවශ්‍ය ශිෂ්‍යයාගේ දැනුම අවබෝධය අවබෝධවත් විභවතාවයන් පිටවත මතුකර දීමයි. අධ්‍යාපනය යනු හුදු දැනුම් දීමක් නොවන බව නිරූපණ වැටහේ.
👇ආධ්‍යාපනය සම්බන්ධ දාර්ශනික අදහස්
* මැක්ස් චින්ගෝ 1974 පවසන්නේ "අධ්‍යාපනය යනු ශිෂ්‍යයාගේ රුචනියානුවන්ගේ ප්‍රායෝගික අත්දැකීම් ලබා දී දෙවනුව න්‍යා විද්‍යාත්මක කරුණු පැහැදිලි කර දීමයි".
* තනේජා 19 1990 පවසන පරිදි "මිනිසාගේ කායික මානසික සංස්කෘතික සංස්කෘතික සදාචාරාත්මක ආධ්‍යාත්මික ආධ්‍යාත්මික ක්‍රියාවලිය වර්ධනය කරන නිත්‍ය ක්‍රියාවලිය අධ්‍යාපනයයි".
👇අධ්‍යාපනය පිළිබඳ මුල්කාලීන මත අතර
* ප්ලේටෝගේ රිපබ්ලිකන් කෘතියේ අධ්‍යාපනය යනු ඉතා උතුම් හා අලංකාර දෙයකි. තත්කාලීන සමාජ රටාවන්හි යහපැවැත්මට අධ්‍යාපනය කොතරම් දුරට වීද යන්න ප්ලේතෝ විසින් පෙන්වා දී ඇත. "වෛර කළ යුතු දේ ආදරය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමත් ආදරය කළ යුතු දේ වැළඳ ගැනීමට පුහුණු කිරීම අධ්‍යාපනය අධ්‍යාපනය නම්" වේ.
*උපයෝගීතා වාදී දර්ශනිකයෙකු වූ ජෝන් ඩූ වී පවසන ආකාරයට "අධ්‍යාපනයේ ජීවත්වීමේ ක්‍රියාවලියක් අනාගතය සඳහා සූදානම් නොවන බව පෙන්වා දෙයි.
බර්නාට් රසල් පවසන්නේ අධ්‍යාපනය යනු සමාජයට වැඩදායි සහ ප්‍රායෝගික කුසලතාවන්ගෙන් පිරි නිර්මාණාත්මක චින්තකයින් හැඳි මිනිසුන් බිහිවීමයි. තවදුරටත් පැහැදිලි කරන්නේ අධ්‍යාපනය තුළින් සංස්කෘතික දර්ශනික වූ මහත්මා ගාන්ධියෙකු ලෙසින් සමත් වූ දරුවා අධ්‍යාත්මික බුද්ධිය සහ කායික ප්‍රබෝධමත් බව ඇති කිරීම සහ විභව මතු කිරීම අධ්‍යාපනය වන බව ය. පවතින බව පෙන්නුම් කරන පරිදි පුද්ගලයාගේ අත් පාවල ගැබුරු හැකියාව හඳුනාගෙන පූර්ණ වර්ධනය ඇති උපකරණ. මෙසේ ගත් කල පුද්ගලයාගේ දැනුම සහ ආකල්ප වර්ධනය පෞරුෂය වර්ධනය, චරිත සංවර්ධනය පුරවැසි පුහුණුව, සමාජ සංවර්ධනය, සමාජ සංරක්ෂණය, පුද්ගල සමාජ අනුයෝජනය, දිවි පැවැත්ම අධ්‍යාපනය මගින් ගම්‍ය වන බව පර්යේෂණය කරයි. අධ්‍යාපන දර්ශනය සම්බන්ධයෙන් විද්‍යාත්මක අදහස් නොමැති අතර සමහර දාර්ශනිකයන් පවසන්නේ අධ්‍යාපන දර්ශනයට පිළිගත හැකි විශේෂත්වයක් නොමැති බවයි. අධ්‍යාපනයේ ඇති ප්‍රශ්නවලට සාමාන්‍ය දර්ශනයේ ඇති කරුණු හදුනාගෙන ඇති බව ආර්. එස්. පී ටර් පවසයි. ඔහු පවසන ආකාරයට මෙම සම්බන්ධය තුළ අංශ හතරක් මතුවන බව පෙන්වා දෙයි.
- අධ්‍යාපනයට සම්බන්ධ සුවිශේෂී සංකල්ප විග්‍රහය .
- අධ්‍යාපනයට අදාළ ක්‍රමය කෙරෙහි ආචාර ධර්ම හා සමාජ දර්ශනය බලපාන ආකාරය.
- අධ්‍යාපන ක්‍රියාදාම කෙරේ අධ්‍යාපනෙහි මනෝ විද්‍යාවේ අභ්‍යූපගමනයන් පරීක්ෂණයට භාජනය කිරීම.
- විෂය මාලා අන්තර්ගතය හා සංවිධානය සම්බන්ධ දාර්ශනික ගැටලු විග්‍රහ කිරීම.
අධ්‍යාපන ක්‍රියාවලියේදී මතුවන ගැටලු ප්‍රශ්න අවම කරමින් ඒවාට ප්‍රායෝගික විසඳුම් දැනගැනීමට, අදහස් විශ්ලේෂණය කිරීම අධ්‍යාපන දර්ශනය අපේක්ෂාවයි. මෙහිදී අවධානයට ලක්වන ප්‍රධාන අංශ තුනකි.
- දැනුම පිළිබඳ ප්‍රශ්න
- ඇගයුම් පිළිබඳ ප්‍රශ්නය
- ළමයාගේ යථාර්ථය පිළිබඳ ගැටලු
පූර්ව නිගමන මත ක්‍රියාත්මක වන අධ්‍යාපනය ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යාපන දර්ශනය අවධානයට ලක්වේ.
ඒ ඊඩ් නැමැති දාර්ශනිකයා දක්වන ආකාරයට අධ්‍යාපනය ප්‍රශ්න විසදීම සඳහා දාර්ශනික ක්‍රම භාවිත කිරීම සහ අදාළ දාර්ශනික චින්තනයට අධ්‍යාපනයේ ඇති සම්බන්ධය තීරණය කිරීමේදී අධ්‍යාපන දර්ශනය මගින් සෑම අධ්‍යාපන ක්‍රියාවලියක්ම දර්ශනය හා වෙනස් කිරීමේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම හා උපාය මාර්ග තීරණය ආදී අංශ ගණනාවකට අධ්‍යාපන දර්ශනය ලැබෙන පිටුවහල විශාල වේ.
👇අධ්‍යාපන දර්ශනයේ වැදගත්කම
- නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට ,
- අරමුණු හා ඉලක්ක තේරුම් ගැනීමට,
- ශිෂ්‍යයාට අභිලාෂ හා ඇගයුම් හැඩගස්වා ගැනීමටත් ඒ අනුව ජීවිතය ඉදිරියට මෙහෙය වීමට
- විෂය මාලාව තීරනය කිරීමට
- විෂය කරුණු තෝරා ගැනීම හා සංවිධානයට උචිත විෂයන් තෝරා ගැනීමට
- විෂය මාලාව විධිමත්ව පවත්වාගෙන යාමට
- අධ්‍යාපනික අත්දැකීම් සකස් කල යුතු ආකාරය තීරණය කිරීමට
- ගුරු භූමිකාව වර්ධනයට
- සමාජ අඛණ්ඩත්වය හා සමාජය පවත්වා ගැනීමට
- භාෂා විශ්ලේෂණ ක්‍රම වර්ධනය
- විනය ගැටලු විසඳීම
- අධ්‍යාපන මූලධර්ම වර්ධනය
- ගුරුවරයාට අධ්‍යාපනයේ මාර්ගය ජීවිතය මාර්ගය පෙන්වාදීම
- අධ්‍යාපනික ගැටලුවලදී ගුරුවරයාගේ තීක්ෂණ බුද්ධිය වර්ධනය
- රටේ ආර්ථික හා වැදගත්ම සංවර්ධනය මග පෙන්වීමට
- විවිධ අධ්‍යාපනික සිදුවිල පැතිකඩ හා විවිධ හේතු තේරුම් ගැනීමට
- වෘත්තීමය අධ්‍යාපන වර්ධනයට
- සත්‍ය හා යථාර්ථය තේරුම් ගැනීමට
- සංස්කෘතික සංවර්ධනයට
- සමාජ අන්තර් සම්බන්ධතා වර්ධනයට
- විශ්වය තුල රූපය තේරුම් ගැනීමට
- මිනිසා මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නවලදී ආරක්ෂිත විශ්ලේෂණ සැපයීමට
👇අධ්‍යාපන දර්ශනය විෂය හැදෑරීමෙන් ගුරුවරයකුට ඇති ප්‍රයෝජන
- ගුරුවරයාට නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට මෙන්ම දරුවාද නිවැරදි මාර්ගයට ගැනීමට
ගුරුවරයා විසින් විවිධ දාර්ශනිකයින් විසින් ඉදිරිපත් කරන ලද මතයන් දිය යුතු අධ්‍යාපනය පිළිබඳවත් දරුවාගේ හැකියා මතු කරමින් ඔවුන් නිවැරදි මාර්ගය රැගෙන යාමත් යනාදී කාරණා කෙසේ සකස් විය යුතු දැය යන්න දර්ශනය මත අධ්‍යයනය කරමින් අවබෝධ කරගත හැකිය.
- ගුරුවරයාට අරමුණු හා ඉලක්ක තීරණය කිරීමට මෙන්ම ගුරුවරයාටද ඉලක්ක තීරණය කර දීම
ගුරුවරයකු විසින් දරුවකුට අරමුණක් හා ඉලක්කයක් සපයා දිය යුතුය. දාර්ශනික අධ්‍යාපනය යනු කුමක්දැයි තීරණය කර ඇති ආකාරයත් එයින් අරමුණු කරන්නේ කුමක්ද යන්න පිළිබඳවත් එම අරමුණු කෙසේ සාක්ෂාත් කරන්නේද යන වගත් පිළිබඳව ගුරුවරයාට අධ්‍යාපන දර්ශනය තුළින් ලබාගත හැක. එමඟින් ගුරුවරයා විසින් තමා හැකියා මත අරමුණු ඉලක්ක නිර්මාණය කර දීමත්ඒවා සඵල කර ගැනීමටත් දායක විය හැකිය. එමගින් ශිෂ්‍යයාට තමා අභිලාෂය හා ඇගයීම් හැඩගස්සා ගැනීමටත් ඒ අනුව ජීවිත ඉදිරියට මෙහෙයවීමටත් ගුරුවරයාට අධ්‍යාපන දර්ශනය උපකාරී වේ.
- විෂය මාලා තීරණය කිරීමට තෝරාගැනීමට හා සන්නිවේදනයට උචිත විෂයන් තෝරා ගැනීමට
දරුවාට නිසි සමාජ අවබෝධයක් ලබාදීමට අධ්‍යාපන දර්ශනය පිළිබඳ අවබෝධයක් ඇති ගුරුවරයා සෑම විටම ගුරුවරයා විෂය මාලාවක් පිළිබඳව දැඩි අවබෝධයකින් යුක්ත විය යුතුය එමඟින් ගුරුවරයාට අධ්‍යාපන දර්ශනය තුළ නිවැරදි විෂය මාලාවක් යනු කුමක්දැයි හඳුනා ගනිමින් නිවැරදි විෂය මාලාවක් සකස් කළ හැකි වීමත් එමඟින් ඔවුන් කරුණු සපයා ගත යුත්තේ කෙසේද උචිත වන විෂයන් මොනවාද යන්න තීරණය කර ගැනීමට මග පෙන්විය හැකිය ගුරුවරයාට විෂය මාලාව විධිමත්ව පවත්වාගෙන යාමටත් ඉන් පහසුවේ
- ඉගැන්වීම් ක්‍රම හා ඇගයීම් ක්‍රම සකස් කර ගැනීමට
අධ්‍යාපන දර්ශනය තුළින් ගුරුවරයා විසින් තමාට තේරුම් ගනිමින් දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළ යුත්තේ කෙසේද යනු මඟවා යනු මඟවා පිළිබඳව දරුවාටත් සකස් කළ යුත්තේ කෙසේද පිළිබඳ අවබෝධය දෘෂ්ටියක් ඔස්සේ දරුවාට ලැබිය යුතු නිසි අධ්‍යාපනය කුමක්දැයි හඳුනා ගනිමින් නිවැරදි ඉගැන්වීම් ක්‍රම සකස් කර නිවැරදි අධ්‍යාපනයක් ලබාදීමට හැකිය
- අධ්‍යාපන ක්‍රියාවලිය සංවර්ධනය ක්‍රියාකාරි තීරණ ගැනීමට හා චරිත සංවර්ධනය කර ගැනීමට වැදගත්වේ
ගුරුවරයෙකුට ක්‍රියාකාරීව සහ චරිතවත් ගුරුවරයකු ලෙස සිටීමටත් තමාගේ අධ්‍යාපනය ලබන දරුවන්ද චරිතවත් සහ ක්‍රියාකාරී දරුවන් ලෙස බිහි කිරීමටත් අධ්‍යාපන දර්ශනය බෙහෙවින් දායක වේ. චරිතවත් දරුවකු බිහිකිරීමට සහ ක්‍රියාකාරී දරුවන් මගින් චරිතවත් සදාචාරයසංවර්ධනය වූ දරුවන් අධ්‍යාපන දර්ශනය තුළින් ගුරුවරයා බිහිකරයි
- ගුරු භූමිකා විවිධ ඉගැන්වීම් ක්‍රම අධ්‍යාපන මූලධර්මයන්හි වර්ධනයට
ගුරුවරයකු විසින් තම භූමිකාව තුළ දරුවකුට ඉටු විය යුතු යුතුකම් වගකීම් හඳුනා ගැනීමෙන් ඒවා සංවර්ධනය කර ගැනීමටත් දරුවකුට ඉගැන්විය හැකි විවිධ ක්‍රම සංවර්ධනය කරගැනීමටත් අධ්‍යාපනය මූලධර්මයන් අවබෝධ කර ගනිමින් අධ්‍යාපන දර්ශනය තුළින් ඒවා වර්ධනය කර ගැනීම ඔස්සේ ගුරුවරයාට තමාගේ භූමිකා තුළ ඉටුවිය යුතු කාර්යයන් වගකීම් හඳුනා ගැනීමට පුළුවන
- විනය ගැටලු විසඳීම ජීවිතය මාර්ගය පෙන්වාදීමට ගුරුවරයාගේ තීක්ෂණ බුද්ධිය වර්ධනයට
දාර්ශනික අධ්‍යාපනය තුළින් ගුරුවරයකු සතු දැනුම මෙන්ම බුද්ධිය සංවර්ධනය කර ගැනීම සඳහා උපකාරී වේ ගුරුවරයා විසින් විවිධ පැතිකට විවිධ පෘථූල රූපය තේරුම් ගැනීමට ගුරුවරයකු විසින් දාර්ශනික අධ්‍යාපනය තුළින් යථාර්ථය කුමක්දැයි වටහාගනිමින් යථාර්ථවාදී දෘෂ්ටිකෝණයකින් ලෝකය දෙස බලන අතරතුර දරුවා කෙරෙහි දරුවාගේ හැකියාව හැකිය වර්ධනය කරනු ලැබේ.
- සංස්කෘතික සංවර්ධනයට සමාජ අන්තර් සම්බන්ධතා වර්ධනයට මිනිසා මූණ දෙන බැරෑරුම් ප්‍රශ්නවල දී ගු ආරක්ෂිත විශ්ලේෂණ සැපයීමට
පාසල තුළ විවිධ සංස්කෘතීන්ට අයත් දරුවන් අධ්‍යාපනය ලබන අතර ඒ වෙන් කොට අධ්‍යාපනය ලබා නොදී සියලු දරුවන්ට එක හා සමාන අධ්‍යාපනයක් දෙන අතරතුර සියලු දරුවන්ට සංස්කෘතියෙන් හි වැදගත්කම පෙන්වා දෙමින් ඔවුන්සි සමාජානු යෝජනයක් කරා යාමටත්, සමාජය තුළ ගැටළු මතුවීමට ඇති ඉඩකඩ අවම කරදීමටත් ගුරුවරයාට හැකියාව ලැබේ. ඔවුන් මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්න ආරක්ෂිත ලෙස නිසි උපදෙස් ලබා දෙමින් නිරාකරණය කර ගැනීමට ඇති පැතිකඩයන් පිළිබඳ අවබෝධයක් ලබාදීමට ගුරුවරයාට හැකියාව ලැබේ. එසේම ගුරුවරයාගේද සංස්කෘතික සංවර්ධනයටත් ගුරුවරයා විසින් මුහුණ දෙන ලද බැරෑරුම් ප්‍රශ්නවලදී තමාට ආරක්ෂිත විශ්ලේෂණයන් සපයා ගැනීමටත් ගුරුවරයාට අධ්‍යාපන දර්ශනය ගැනීම අත්‍යවශ්‍ය වේ.
මේ ආකාරයෙන් පැහැදිලි වන්නේ අධ්‍යාපන දර්ශනය පිළිබඳ අවබෝධයක් ඇති ගුරුවරයාට නිවැරදි දැක්මක් ඇතිව කටයුතු කිරීමට දරුවන්ට නිසි දැනුමක් ඇතිව සමාජගත කිරීමේ හැකියාව ඇති බව ශිෂ්‍යයන් ගුරුවරයාට ද දර්ශණය වීමට අවශ්‍ය බව දර්ශණය වීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. දාර්ශනික අධ්‍යාපනය පමණක් ලද ගුරුවරියකට නිවැරදිව දරුවා තේරුම්ගෙන ඉගැන්වීම් කටයුතු කළ හැකි වන්නේය.
❤
ReplyDeleteගොඩක් දැදගත්❤
ReplyDeleteSupiriyi ❤️
ReplyDeleteපැහැදිලි අර්ථකථනයක් ❤️
ReplyDeleteගෙඩක් හොද කරුණක්🧡
ReplyDeleteගොඩක් වටිනවා
ReplyDelete❤️Great Job , clear explanation ❤️
ReplyDeletegreat job
ReplyDeleteThnk you
ReplyDeleteවටිනා ලිපියක් ♥️
ReplyDelete